Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2021 09:45:10 Hours

උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 66 වන සේනාංකයේ ගෞරවාචාර

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ පසුගිය බ්‍රහස්පතින්දා (14) දින පූනරින් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානය වෙත පැමිණියේය. පූනරින් ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී නව උසස්වීම් ලද සේනාංකාධිපති පිළිගැනීම සඳහා උත්සවයක් සූදානම් කර තිබිණි.

සේනාංක මූලස්ථානය වෙත සැපමිණි මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. පසුව, සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති තේ පැන් සංග්‍රහයත් සමඟින් උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

මෙම උත්සවය සඳහා 66 වන සේනාංකය යටතේ සේවයේ නියුතු සියළු බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් සහභාගී වූහ.