Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2021 13:13:43 Hours

යුද්ධ හමුදා භටපිරිස් නීතිවිරෝධි කහ සමඟින් සැකකරුවන් අත්අඩංගුවට ගනී

54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවට අයත් 15 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් අද (18) දින පෙරවරු 10.00 ට පමණ මන්නාරම, කුන්චිකුලම් මාර්ග බාධකයේදී නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබූ කහ කිලෝග්‍රෑම් 219 ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

Mitzubishi canter වර්ගයේ ලොරි රථයක් භාවිතා කරමින් මෙම කහ තොගය නිට්ටඹුව දක්වා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබී ඇති අතර යුද්ධ හමුදා භටපිරිස් සැකපිට මෙම ලොරි රථය පරික්‍ෂා කර ඇත.

ජාවාරම් කරන ලද මෙම කහ තොගයේ වටිනාකම රුපියල් මිලියන 1.3 ක් පමණ වේ. යුද්ධ හමුදා භටපිරිස් මෙම කහ තොගය සහ සැකකරුවන් වැඩිදුර පරික්‍ෂණ සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදී.