Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2021 05:00:59 Hours

12 වන සේනාංකයේ සම්බන්ධීකරණය මත අවශ්‍යතා සහිත පාසල් සිසුන් වෙත ටැබ්ලට් යන්ත්‍ර බෙදාදෙයි

යුද්ධ හමුදා දින සංවත්සර සැමරුම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ජයන්ත ජයරත්න මහතාගේ අනුග්‍රහකත්වය මත 12 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ සම්බන්ධීකරණයෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, පසුගිය ඉරිදා (10) දින හමුබන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ අධ්‍යාපනික කටයුතු ඉහළ නැංවීමේ අරමුණින් තෝරාගත් පාසල් සිසුන් වෙත ටැබ්ලට් යන්ත්‍ර 11 ක් පරිත්‍යාග කරන ලදී.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ සම්බන්ධීකරණය මත මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහකත්වය දැක්වීමට ‘Live in Australia’ සංවිධානය ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය.

එහිදී, රුපියල් ලක්‍ෂ 04 ක වටිනාකමකින් යුත් ටැබ්ලට් පරිඝණක යන්ත්‍ර බෙදාදීමට පාසල් සිසුන් තෝරාගැනීම සඳහා එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සහ සංවර්ධන නිලධාරිගේ සහයෝගය ද හිමිවූහ.

මෙම ටැබ්ලට් යන්ත්‍ර බෙදාදීමේ අවස්ථාව සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති සමඟින් එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.