Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2021 16:25:45 Hours

613 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් ඔක්තෝබර් මස 11 දින ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉගල් කන්ද කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී. ඒ සඳහා Ever Green පුද්ගලික සමාගම අනුග්‍රාහකත්වය ලබාදුන්හ.  

613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු විසින් මෙම වෛද්‍ය උපකරණ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිලධාරින් වෙත භාරදුන්නේය.