Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2021 04:00:59 Hours

9 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කිරිඉබ්බන්වැව ‘D’ ඇළ පිරිසිදු කරයි

කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි 622 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මහ කන්නයේදී ගොවීන්ට ජලය ලබාගැනීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් කිරිඉබ්බන්වැව ‘D’ ඇළ නොහොත් ගොඩ සොරොව්ව පිරිසිදු කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (07) දින ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, කිරිඉබ්බන්වැව ‘D’ ඇළේ කිලෝමීටර් 1.5 ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් පිරිසිදු කළහ.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ උපදෙස් මත භටපිරිස් මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකරන ලදී.

මෙම වැඩසටහන සඳහා 9 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් 40 දෙනෙකු සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.

එමෙන්ම, කිරිඉබ්බන්වැව ධර්ම ප්‍රදීප පිරිවනේ වැඩවාසී භික්‍ෂුන් වහන්සේලා 16 නමක්, කිරිඉබ්බන්වැව ග්‍රාම නිලධාරි, මහවැලි අධිකාරියේ කිරිඉබ්බන්වැව ඒකක කළමණාකරු, මහවැලි ‘L’ කලාපයේ ව්‍යාපෘති ඉංජිනේරු, කිරිඉබ්බන්වැව ප්‍රාදේශිය ගොවි සමිතියේ සාමාජිකයින් 40 දෙනෙකු සහ ගම්වාසීන් ද මෙම වැඩසටහන වෙනුවෙන් සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.