Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2021 03:00:59 Hours

යුද්ධ හමුදා රෝහලට එන්නත් ගබඩාකරණ කැබිනට්ටු 4 ක පරිත්‍යාගයක්

කැනඩාවේ වෛද්‍ය චිත්‍රලේඛා අබේසිංහ මහත්මිය විසින් කොවිඩ් - 19 වාට්ටු වල භාවිතය සඳහා අන්තර් ශෛරීක එන්නත් ගබඩාකරණ කැබිනට්ටු 4 ක් කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කළාය.

එම කැබිනට්ටු 04 කොළඹ යුද්ධ හමුදා රෝහලේ විශේෂඥ විකිරණවේදී, බ්‍රිගේඩියර් වෛද්‍ය ගීතිකා ජයවීර සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කර්නල් චම්පිකා අබේසිංහ විසින් භාරගනු ලැබූහ.

මෙම කැබිනට්ටු පසුගිය සඳුදා (04) දින යුද්ධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා වෛද්‍ය ගාමිණී ජයවීර, Falco International Trading පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ ශකීර් ඒ ලුක්මන්ජී මහතා, රේණුකා නිල්මිණි රණසිංහ මහත්මිය සහ තවත් කිහිපදෙනෙකු සහභාගී වූහ.