Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2021 09:25:10 Hours

කැනේඩියානු මහ කොමසාරිස් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැකිනෝන් (David Mckinnon) සමඟින් කොළඹ පිහිටි කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක ඩැනියෙල් බූඩ් (Daniel Bood) මහතා සහ ශ්‍රී ලංකා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරි පී. ගූබිනාත් (P Goobinath) පසුගිය බදාදා (13) දින යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරයක් අතරතුර ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත ගොස් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු හමුවිය.

මෙම සුහද හමුවේදී, පශ්චාත් ගැටුම්කාරි යුගයේදී ප්‍රජා මූලික ව්‍යාපෘති දියත් කරමින් සංහිඳියාව හා ජනවාර්ගික සමගිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාව සතු වූ වගකීම් හා කාර්යභාරය පිළිබඳ සාකච්ඡා වූහ. එමෙන්ම, සිවිල් වැසියන්ට අයත් පුද්ගලික ඉඩම් නැවත බෙදාදීම, ප්‍රජා සුභසාධනය, සංවර්ධනය හා සංහිඳියාව වැඩිදියුණු කිරීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කරනු ලැබූ වැඩසටහන් තුලින් අත් වූ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.

මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු අතිගරු ඩේවිඩ් මැකිනෝන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.