Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2021 16:20:45 Hours

23 වන සේනාංකයේ මුලිකත්වයෙන් යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව වියළි සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුල් 100 ක් අතර එකක් රුපියල් 6000.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් 2021 ඔක්තෝබර් 10 දින දියත් කරන ලදී.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලීන් කොස්වත්ත ගේ උපදෙස් මත 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජේ.එන්.කේ.ඩී. බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

කොළඹ දිස්ත්‍රික්කයේ රොටරි සමාජයේ සුපෙම් ද සිල්වා මහතාගේ අනුග්‍රාහකත්වය ඇතිව ක්‍රියාවට නැංවු මෙම වැඩසටහනේදී, කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් උන්නච්චිය සහ කොක්අඩිචොලෙයි ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, 4 වන ගැමුණු හේවා බලකායේ හා 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්, 23 වන සේනාංකයේ හා 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරින් මෙන්ම 4 වන ගැමුණු හේවා බළඇණියේ සහ 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.