Header

Sri Lanka Army

Defender of the Nation

13th October 2021 18:10:50 Hours

දිවයින පුරා ආරක්‍ෂක සේනා මුලස්ථාන, සේනාංක, බලසේනා සහ ඒකක යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ඔක්තෝබර් මස 1 සිට 10 දින දක්වා පැවති සැමරුම් උත්සව මාලාවේ ප්‍රධාන වැඩසටහන සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි. ඊට සමගාමීව සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන වලද සැමරුම් උත්සව පවත්වන ලදී.  

ඒ අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය -යාපනයේ පැවති සංවත්සර දින සැමරුම් උත්සවය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදනනිලධාරි බ්‍රිගේඩියර් ඩී.එම්.ඒ. බණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගී වූහ.  

යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදා ගීතය ගායනා කර ආරම්භ වූ මෙම සැමරුම් උත්සවයේදීරට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින්මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විය. ඉන් පසුව, යුද්ධහමුදාධිපතිතුමන්ගේ සංවත්සර දින පණිවිඩය ප්‍රකාශයට පත් කර මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

තවද, මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදනනිලධාරි ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.  

මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 521 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 72 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුමට සමගාමීව පූතූර් ප්‍රදේශයේ පිහිටි ශාන්ත ලූකස් වැඩිහිටි නිවාසය පිරිසිදු කර එහි නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.  

එසේම, 521 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මහේන් සල්වතුර ගේ ආරාධනාවකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්චන්දන වික්‍රමසිංහ සහභාගී වූහ.

තවද, යාපනය මෙතෝදිස්ත ක්‍රිස්තියානි දේවස්ථානයේගරු ඥාණරූබන් පියතුමන්,ශාන්ත ලූකස් දේවස්ථානයේ ගරු රොබට් ශෂීකරන් පියතුමන්ඇතුළු තවත් කතෝලික පූජකවරුන් කිහිපදෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.  

මේ අතර,යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිතසියලුම සේනාංක, බලසේනා සහ ඒකක වෙතින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියටසහ අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු‘සුරකිමු ගංගා’ව්‍යාපෘතියට සමගාමීව කුඹුක් පැළ 10,000 ක් රෝපණය කළහ.

එමෙන්ම, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සෙනරත් යාපාගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයද යුද්ධ හමුදා සංවත්සර දිනය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සහ අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘සුරකිමු ගංගා’ ව්‍යාපෘතියට සමගාමීව කුඹුක් පැළ 10,000 ක් රෝපණය කළහ.  

මේ අතර, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් ටී.එම්. අබේරත්න එම මූලස්ථානයේ භටපිරිස් සමඟ එක්ව මින්නේරිය දේවාලය සහ මින්නේරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සහ ගිරිතලේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ.  

එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත561 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජී.පී.පී. කුලතිලක ගේ උපදෙස් මතඑම බලසේනාවේ භටපිරිස් කනගරායන්කුලම් ග්‍රාම නිලධාරී වසම යටතේ ස්ථාපිත සියලුම රාජ්‍ය ආයතන අතර ‘මී’ පැළ 250 ක් බෙදාදුන්හ.  

එසේම,පූනරින් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංකයට අයත් 663 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ජයපුරම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව නව නිවසක් ඉදිකරදෙන ලදී. ඒ සඳහා මුල්‍යමය දායකත්වය බලසේනාවේ භටපිරිස් ලබාදුන්හ. 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.කේ.ජි.එම්.එල්. රොද්‍රිගෝ ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු සේසුනාදන් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවස ඉදිකරදෙන ලදී.

මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පැවැති සංවත්සර සැමරුම් උත්සවය යුද්ධ හමුදා ධජය ඔසවා යුද්ධ හමුදා ගීතය ගායනා කර ආරම්භ කෙරිණි. මෙම සැමරුම් උත්සවයේදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විය. ඉන් පසුව, යුද්ධහමුදාධිපතිතුමන්ගේ සංවත්සර දින පණිවිඩය ප්‍රකාශයට පත් කර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළ රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.  

මෙම උත්සවය සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.  

මෙම උත්සවයේ සමාප්තියෙන් පසුව භටපිරිස් නගරවැව රක්‍ෂිත මායිමේ කුඹුක් පැළ 40 ක් රෝපණය කරන ලදී. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් ද එක්ව සිටියහ.

එසේම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ උපදෙස් මතඑම සේනාංකයේ භටපිරිස් පදවිය වැවේ ජල පෝෂක ප්‍රදේශයන්හි කුඹුක් පැළ 2000 ක් පමණ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති පැරකුම්, 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් නිමේෂ් ලියනගම, පදවිය ප්‍රාදේශිය ලේකම් එම්. රලියුදීන් මහතා, මහවැලි ‘එල්’ කලාපයේනේවාසික ව්‍යාපෘති කළමණාකරු කේ.ආර්. හේරත් මහතා,පදවිය සහකාර වාරිමාර්ග ඉංජිනේරුආචාර්ය එස්.පී.බී.එස්.ඒ. ශාන්ත මහතා, පදවිය වනජීවී නිලධාරිඑන්.සී දිසානායක මහතා, පදවිය වන අඩවි නිලධාරිඑල්. මනෝහරන් සහ යුද්ධ හමුදා භටපිරිස් සියදායකත්වය දැක්වූහ.