Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2021 17:00:45 Hours

යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව 54 වන සේනාංකයේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 542 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 10 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් එක්ව මන්නාරම, සීලාවතුර ප්‍රදේශයේ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු සුරේෂ් කුමාර මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නව නිවස ඉකුත් සඳුදා (11) දින නිවාසලාභියා වෙත භාරදුන්හ.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ලබාදුන් උපදෙස් මත 542 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සහයෝගය ඇතිව එම සේනාංකයේ භටපිරිස් දානපතියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත නව නිවස ඉදිකිරීමේ කටයුතු සාර්ථකව සිදුකරන ලදී.

නව නිවස විවෘත කිරීමේ උත්සවයට මුසලි ප්‍රාදේශීය ලේකම් එස්. රජිව් මහතා, 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර, 542 වන බලසේනාවේ බලසේනාධිපති, 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ හා 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වූහ.

මෙම උත්සවයට සමගාමීව භටපිරිස් අඩු ආදායම්ලාභි පවුල්වල ජීවනෝපාය නගා සිටුවීමේ අරමුණින් පොල් සහ කජු පැළ බෙදාදුන්හ.