Header

Sri Lanka Army

Defender of the Nation

08th October 2021 13:41:42 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් වැව් 04 ක් ප්‍රතිසංස්කරණය කරයි

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘වාරි සෞභාග්‍යය’ වැඩසටහනට දායකත්වය ලබාදෙමින් 11 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් මහවැලි ‘L’ කලාපයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කළහ. ඒ අනුව, කාරක ඉංජිනේරු බලසේනාවේ අධීක්‍ෂණය යටතේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක වේ.

රජය විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත වාරි ව්‍යාපෘති 10 ක් භාරදුන් අතර ඉන් ව්‍යාපෘති 4 ක් 2021 අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමෙන් අනතුරුව මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘති ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති සහ කාරක ඉංජිනේරු බලසේනාවේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මහවැලි අධිකාරිය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් එම වැව් පිරිසිදු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. මහවැලි අධිකාරියේ අනුග්‍රාහකත්වයෙන් සිදුකරනු ලබන මෙම ව්‍යාපෘති මඟින් අක්කර 700 කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි ගොවීන් 800 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසේ.