Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2021 16:30:18 Hours

තවත් ඔක්සිජන් මාපක (oximeters) අවශ්‍යතා සහිත පවුල් අතර බෙදාදෙති

අවශ්‍යතා සහිත පවුල් අතර බෙදාදීම සඳහා පසුගිය දා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරනු ලැබූ ඔක්සිජන් මාපක (oximeters) තොගයක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භටපිරිස් විසින් අතුරුගිරිය, මුල්ලේරියාව සහ කඩුවෙල ප්‍රදේශවල වෙසෙන අවශ්‍යතා සහිත පවුල් අතර බෙදාදීමට කටයුතු කළහ.

ඒ අනුව, සිරුරේ ඔක්සිජන් මට්ටම මැනිය හැකි ඔක්සිජන් මාපක (Oximeters) මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සහ වෛද්‍ය නිලධාරින්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනය වන අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදුන්හ.

පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් අවශ්‍යතා ඇති පවුල් අතර බෙදා දීම සඳහා ඔක්සිජන් මාපක (Oximeters) ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ක්‍රියාත්මක කරන ලදී.