05th October 2021 15:26:49 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් මත වවුනියාව, ආසිකුලම් ග්‍රාම නිලධාරි වසමේ පදිංචි අඩු ආදායම්ලාභී පවුලක් වන මෝගන්රාජ් මහේෂ්වරි මහත්මිය වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා 2021 සැප්තැම්බර් මස 25 දින මුල්ගල් තබන ලදී.
ඒ අනුව, 56 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම සහ 562 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන සඳහා 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සපයනු ලබයි. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය ‘Safety Credit’ පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ එම්. මයුරතන් මහතා විසින් සපයනු ලබයි.
මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා සහභාගී වූවේය.
මෙම උත්සවය සඳහා සිදම්බරපුරම් ක්‍රිස්තියානි දේවස්ථානයේ ගරු පියතුමන්, 562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සේනක ප්‍රේමවංස, 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, සමෘද්ධි නිලධාරි, සංවර්ධන නිලධාරි සහ ග්‍රාම නිලධාරි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.