03rd October 2021 11:17:42 Hours
යුද්ධ හමුදාව විසින් වගාකරන ලද කුඹුරු වල වී අස්වනු ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට අයත් ඇල්ල, කන්තලේ ප්‍රදේශයේ පිහිටි කඳවුරු පරිශ්‍රයේ වී කිලෝග්‍රෑම් 100,000 ක පමණ ධාරිතාවකින් යුතු ගබඩාවක් සහ වී වේලිම සඳහා වර්ග අඩි 2000 ක පමණ බිම් කොටසක් යුද්ධ හමුදා භටපිරිස් විසින් ස්ථාපනය කරන ලදී.
‘සෞභාග්‍යයේ දැක්ම’ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති බ්‍රිගේඩියර් එච්.ඒ.පී.පී.කේ හේවාවසම් විසින් ලබාදුන් උපදෙස් මත 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් සී.එස්. දේමුණි විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදී. අභිනවයෙන් ස්ථාපනය කළ වී ගබඩාව සහ වී වේලිමේ ස්ථානය සැප්තැම්බර් මස 26 දින විවෘත කරන ලදී.
ඇල්ල, කන්තලේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කඳවුරේ නිලධාරී අණදෙන මේජර් ඩබ්ලිව්.ආර්.ඒ.සී. ප්‍රසන්න ගේ අධීක්‍ෂණය යටතේ නව වී ගබඩාව සහ වී වේලීමේ ස්ථානය ඉදිකිරීම සඳහා එම කඳවුරේ භටපිරිස් සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.