Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2021 16:02:18 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාවේ 29 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ ඉකුත් සිකුරාදා (01) දින පැවති උත්සවයකදී රාජකාරි කටයුතු භාර ගත්තේය.

ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයට අත්සන් තබමින් මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ නව ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

මීට ප්‍රථම, උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් සමන්ත සිල්වා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස රාජකාරී භාරගැනිමෙන් අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ එම ධුරයට පත්කරන ලදී.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ මාණ්ඩල නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු උපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.

මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ මෙම නව පත්වීමේ රාජකාරීන් භාරගැනීමට පෙර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.