Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2021 14:17:42 Hours

රන්ටැඹේ පුහුණු පාසලෙන් පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 770 දෙනෙකු විසිර යති

අරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ පිහිටි රන්ටැඹේ පුහුණු පාසලේ පාඨමාලා අංක 2 යටතේ සාර්ථකව පුහුණු හැදෑරු ආධුනික සෙබලුන් 770 දෙනෙකු ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින පැවති වර්ණවත් සරඹ පෙළපාලියකදී විසිර ගියහ.

යුද්ධ හමුදාපතිතුමන්ගේ ‘2020 – 2025 ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’ අනුකූලව බඳවා ගනු ලැබු ආධුනික සෙබලුන් 770 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම සිය පුහුණුවීම් සාර්ථකව අවසන් කිරීමෙන් පසු මෙලෙස විසිරි ගියහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සහභාගී වූ අතර, තවද එම අවස්ථාව සඳහා පුහුණු පාසලේ සේනාවිධායක, උපදේශකවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

එම අවස්ථාවේදී ආධුනික සෙබලුන් ඇමතු ප්‍රධාන ආරාධිත අමුත්තා ඔවුන් බඳවාගැනීමේ අවශ්‍යතාවය පිලිබද කරුණු පැහැදිලි කළේය.