Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2021 08:18:35 Hours

නිවසක් ප්‍රතිසංස්කරණය කිරීමට 561 වන බලසේනාවේ භටපිරිස්වල සහය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනාවේ භටපිරිස්, කනගරායන්කුලම් ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර විශාල ගසක් කඩා වැටීමෙන් හානියට පත් අඩු ආදායම්ලාභි පවුලක නිවසක් ප්‍රතිසංස්කරණය කරදීමට සිය සහයෝගය ලබාදුන්හ.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජි.පී.පී. කුලතිලක ගේ අධික්‍ෂණය යටතේ සිදුකෙරිණි.