Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 15:45:35 Hours

මුක්කම්පන් ප්‍රදේශයේ ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් අභිනවයෙන් ඉදිකල 'Twenty Nest' නිවාඩු නිකේතනය විවෘත කෙරේ

පූනරින්, මුක්කම්පන් ප්‍රදේශයේ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ මුලිකත්වයෙන් අභිනවයෙන් ඉදිකල 'Twenty Nest' නිවාඩු නිකේතනය ඉකුත් සිකුරාදා (17) දින විවෘත කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංක මුලස්ථානයේ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගි විය.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සුභමොහොතින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා අභිනවයෙන් ඉදිකල නිවාඩු නිකේතනය විවෘත කිරීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමුහ ඡායාරූපයකට එක්වූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මෙම අවස්ථාවට සහභාගි වූ භටපිරිස් ද ඇමතූවේය.

මෙම අවස්ථාවට 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත පීරිස්, 662 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ලියනගේ ඇතුළු 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.

මෙම නිවාඩු නිකේතනය 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් අයි.කේ.ඒ.සී. කුමාර ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ බලඇණියේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහයෝගය ඇතිව ඉදිකරන ලදී.

මෙම උත්සවය අවසානයේ අණදෙන නිලධාරි විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමුවේය.