Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 16:00:35 Hours

3 වන විශේෂ බලකායේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ ප්‍රමුඛ පෙළේ සතුරු කඳවුරු විමර්ශනය කරයි

මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) යටතේ තවත් පුහුණු අභ්‍යාසයක් බ්‍රහස්පතින්දා (16) දින සන්ධ්‍යාවේ ත්‍රිකුණාමලය ඉලංකන්තෙයි ප්‍රදේශයේදී පැවැත්විණි.

එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩක්‍රියා සිදුකරනු ලබන නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') සංවිධානයේ ත්‍රස්තවාදීන්ට පූර්ව අනතුරු ඇඟවීමක් සිදුකරමින් 3 වන විශේෂ බලකායේ භටපිරිස් විසින් විමර්ශන මුර සංචාරයක් සිදුකරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ M I-17 හෙලිකොප්ටර් යානයක් මගින් 3 වන විශේෂ බලකායේ භටපිරිස් සාගරයේ මැදට ගමන් කර රැහැන් ආධාරයෙන් බැස ඩිංගි බෝට්ටු දෙකක් යොදාගනිමින් දකුණු හා නැගෙනහිර ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුකරන නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') සංවිධානයේ ත්‍රස්තවාදී නායකයින් නිරන්තරයෙන් ගැවසෙන සතුරු කඳවුරක් පිළිබඳ විමර්ශනය කෙරිණි.

නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') සංවිධානයේ මුහුදු ත්‍රස්තවාදීන්ගෙන් සමන්විත ගුවන් විදුලි සම්ප්‍රේෂණ පහසුකම් සහිත මෙම සතුරු කඳවුර ප්‍රධාන සම්බන්ධීකරණ විධාන කඳවුරක් ලෙස ත්‍රස්තවාදීන් විසින් පවත්වාගෙන යනු ලබයි.

ත්‍රිකුණාමලය ඉංගකන්තෙයි ප්‍රදේශයේ රාජකාරි නියුතු භටපිරිස් වෙත වෙරළ තීරයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීමේ අරමුණින් මෙම විශේෂ පුහුණු අභ්‍යාසය දියත් කෙරිණි. ගුවනින් පැමිණි 3 වන විශේෂ බලකායේ භටපිරිස් බෝට්ටු යොදාගනිමින් ‘කමාන්ඩ් පෝස්ට්’ කඳවුර වෙත විමසිලිමත්ව සහ ක්‍ෂණිකව ලඟාවිය. නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') සංවිධානයේ ‘කමාන්ඩ් පෝස්ට්’ යනු ක්‍ෂණිකව ලගාවීමට නොහැකි රක්‍ෂිතය තුල ස්ථාපිත කර ඇති විශේෂ කඳවුරකි.

දියකාවා යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ අධීක්‍ෂණය යටතේ මෙම පුහුණු අභ්‍යාසය සිදුකෙරිණි.

එසේම, කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (17) දින නයාරු වෙරළ තීරයේදී තවත් පුහුණු අභ්‍යාසයක් දියත් කරමින් නයාරු වෙරළ ප්‍රදේශයේ ස්ථානගත කර තිබු නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන්ගේ (East Asian Liberation Fighters') සංවිධානයේ තවත් ප්‍රධාන සතුරු කඳවුරක් අත්පත් කරගත්හ.

බුද්ධි අංශය විසින් ලද තොරතුරකට අනුව, මෙම පුහුණු අභ්‍යාසය සඳහා එක්වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් සන්ධ්‍යාවේ MI-17 හෙලිකොප්ටර් යානයක සහයෝගය ඇතිව සාගරයේ මැදට ගමන් කර රැහැන් ආධාරයෙන් බැස රබර් බෝට්ටු දෙකක් යොදාගනිමින් වෙරළ තීරයේ සැඟවී සිටි ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කර සතුරු කඳවුර අත්පත් කරගත්හ.

දියකාවා යුද අභ්‍යාසයේ උපදේශක බ්‍රිගේඩියර් සංඛ ජයමහ ගේ අධීක්‍ෂණය යටතේ මෙම පුහුණු අභ්‍යාසය නයාරු ප්‍රදේශයේදී දියත් කෙරිණි.