Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2021 08:15:20 Hours

කළුතර බන්ධනාගාර පරිශ්‍රයේ CCTV කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා සංඥා බලකායේ තාක්‍ෂණික සහාය

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් කළුතර බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදුන්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධානි සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පීරිස් සහ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චානක ප්‍රතාපසිංහ ලබාදුන් උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මෙම CCTV ආරක්‍ෂක කැමරා පද්ධතිය ස්ථාපිත කිරීම තුළින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව මෙන්ම එහි ඇතුලත සහ ඒ අවට ප්‍රදේශයේ සිදුවන සියළුම නීති විරෝධි කටයුතු නිරීක්‍ෂණය කිරීමට හැකියාව පවතී.

11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්.ඩී. කොතලාවල ගේ අධීක්‍ෂණය යටතේ 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් ඉතා කෙටි කාලයක් තුල බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිය ස්ථාපනය කර බන්ධනාගාර නිලධාරින් වෙත භාරදුන්හ.

එමෙන්ම, මීගමුව සහ මහර බන්ධනාගාර පරිශ්‍රයන් තුල ද මුලික නිරික්‍ෂ කටයුතු සඳහා මෙවැනිම CCTV කැමරා පද්ධති ස්ථාපනය කිරීමට නුඳුරේදී අපේක්‍ෂා කෙරේ.