Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2021 10:48:45 Hours

යුද්ධ හමුදා භටපිරිස් රාජාතුරෙයිනගර් පිහිටි පුල්ලෙයාර් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරයි

ආගමික සිද්ධස්ථාන කෙරෙහි දක්වන ගෞරවයක් ලෙස, ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඉකුත් සිකුරාදා (20) දින රාජාතුරෙයිනගර් ප්‍රදේශයේ පිහිටි පුල්ලෙයාර් කොවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ලබාදුන් උපදෙස් මත 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දිලීප බණ්ඩාරගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.