Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2021 13:40:47 Hours

233 වන බලසේනාවේ මුලිකත්වයෙන් වාකරේ ප්‍රදේශයේ අඩුආදායම්ලාභි පවුලකට පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව නව නිවසක්

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව සෙවණපිටිය ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට කටයුතු සැලසුම් කර ඇත.

ඒ අනුව, නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරනු ලබන අතර නව නිවස ඉදිකිරිම සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් සිකුරාදා (13) දින පැවැත්විණි.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව ගම්පහ ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් ලොකුබාලසුරිය මහතා විසින් නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මුල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලබයි.

233 වන බලසේනාවේ බලසේනාධිපති සහ එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් නව නිවසේ ඉදිකිරිම් කටයුතු සිදුකරනු ලබයි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලීන් කොස්වත්ත ලබාදුන් උපදෙස් මත මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

නව නිවස ඉදිකිරිම සඳහා මුල්ගල තැබීමේ උත්සවය 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාවට නිවාසලාභි පවුලේ සාමාජිකයින් සහ යුද්ධ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම උත්සවය සඳහා පරිත්‍යාගශීලි ප්‍රසාද් ලොකුබාලසුරිය මහතා, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි, 233 වන බලසේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි සහ ඉදිකිරිම් කටයුතු සඳහා සම්බන්ධවන යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියහ.