Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2021 15:40:15 Hours

යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහන කොළඹ තදාසන්න ප්‍රදේශ ආවරණය කරයි

යුද්ධ හමුදාව මගින් කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජාතික ජංගම ඒන්නත්කරණ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් බස්නාහිර පළාතේ ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වයෝවෘධ පුරවැසියන්ට පහසුකම් සැලසීම හා ප්‍රමුඛතාවය ලබාදීමේ අරමුණින් ඉකුත් ඉරිදා (22) දින නුගේගොඩ, ගංගොඩවිල, රාජගිරිය, පානදුර සහ මොරටුව යන ප්‍රදේශය ආවරණය කරමින් ජංගම එන්නත්කරණ වැඩසටහන පනාගොඩ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයෙන් ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පූර්ණ අනුග්‍රහය ඇතිව මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධිකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවන ලදී.

අදාළ සහකාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරින්, සෞඛ්‍ය සේවකයින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර හෝ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතා මෙම ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන හා සම්බන්ධවීමෙන් අවශ්‍ය පුද්ගලයින්ට එන්නත් ලබාගැනීමේ හැකියාව ඇත.

තවද, මෙම ජංගම එන්නත්කරණ වැඩ සටහන 14 සහ 61 යන සේනාංකවල සේනාංකාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ බලසේනාධිපතිවරුන්ගේද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ලදී.