Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2021 14:00:50 Hours

කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ පළමුවන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ඉකුත් සඳුදා (16) දින කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායක එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බන්දුල ලියනගේ විසින් පිළිගත්තේය. පසුව, මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් සිය කාර්යාලයේදී නව කර්නල් සේනාවිධායක ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාවට සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

තවද, මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්‍ෂ, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වුහ. මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, යුද්ධ හමුදා මුලස්ථානයේ මුල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරල් තනතුර ද හෙබවනු ලබයි.