17th August 2021 20:00:43 Hours
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 11 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත අබේසිංහ ඉකුත් සඳුදා (09) දින පනාගොඩ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් බ්‍රිගේඩියර් ප්‍රියන්ත අබේසිංහ සිය කාර්යාලයේදී නව ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකුලව පැවති මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සෙසුනිලයින් පිරිසක් සහභාගි වුහ.
මීට ප්‍රථම, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් සාලිය පද්මශාන්ත යුද්ධ හමුදා මුලස්ථානයේ අයවැය හා මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි භාරගැනිමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියන්ත අබේසිංහ යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී භාරගන්නා ලදී.