Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2021 13:21:47 Hours

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල පසුගිය සිකුරාදා (06) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූවේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න විසින් එම රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඇතුලු යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ පරිපාලන කටයුතු හා එහි ප්‍රගතිය පිළිබඳ නිරීක්‍ෂණය කළ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඒ පිළිබද ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අණදෙන නිලධාරින් සමග සාකච්ඡාවක් ද පැවැත්වූහ.

පසුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ අධ්‍යක්‍ෂවරුන් විසින් එම රෙජිමේන්තුවේ පරිපාලනමය කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර එම සාකච්ඡාවේ සමාප්තිය සනිටුහන් කරමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කෙටි දේශනයක් ද සිදුකළේය. ඉන් පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සංචාරයේ නිරත නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, අධ්‍යක්‍ෂවරුන් වෙත එම රෙජිමේන්තුවේ ඵලදායිතාවය නිරීක්‍ෂණය කිරීම සඳහා පැමිණිම වෙනුවෙන් ස්තූතිය ප්‍රකාශ කළේය.

පසුව, එම රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුවූහ. එම රෙජිමේන්තු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර මේජර් ජෙනරල් වසන්ත මාදොල ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබුවේය.