Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2021 15:27:32 Hours

නව අයවැය හා මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

අයවැය හා මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 15 වන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් සාලිය පද්මශාන්ත සඳුදා (09) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කලේය.

බ්‍රිගේඩියර් සාලිය පද්මශාන්ත ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් අයවැය හා මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරන ලදී. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මීට පෙර යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි කටයුතු සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා අයවැය හා මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ. මීට පෙර බ්‍රිගේඩියර් චානක මෙත්තානන්ද මෙම ධුරයේ රාජකාරි කටයුතු සිදුකරන ලදී.