Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2021 17:45:41 Hours

වැලිකන්ද ප්‍රදේශයේ පවුල් සහ විහාරස්ථානවලට රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්ගේ සහයෝගය

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්වල විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් ඉරිදා (1) දින පවත්වන ලදී.

මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන අතරතුර, එම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන වෙත ජල ටැංකි 10 ක් ද බෙදාදෙන ලදී.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන සඳහා අවශ්‍ය උපදෙස් ආරක්‍ෂක සේනා ආඥපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත විසින් ලබාදුන්නේය.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සහභාගි වුහ.

මෙම පරිත්‍යාග වැඩසටහනේදී, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයින්ගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්තයින්ගේ මුල්‍යමය අනුග්‍රහකත්වය ඇතිව වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදෙන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන අතරතුර මහාචාර්ය චමරි ජයසිංහ මහත්මිය ප්‍රතිලාභීන් අතර සිටි ගැබිනි කාන්තාවන් සඳහා දේශනයක් ද පවත්වන ලදී.

මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන සදහා මහාචාර්ය චමරි ජයසිංහ, ප්‍රසාද් ලොකුබාලසූරිය, කොළඹ රාජකීය විද්‍යාලයේ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්, වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරුන්, චමින්ද මුණසිංහ, දේශමාන්‍ය දේශබන්දු යසන්ත පෙරේරා, සදුනි ලොකුබාලසූරිය, සමන්ති විජේවර්ධන, ස්වර්ණකාන්ති සමරසිංහ, බෝජය කසුන් යන මහත්ම මහත්මීන් සමගින් 233 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සහභාගී වූහ.

මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.