Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2021 17:39:34 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින සිය බලප්‍රදේශයේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 සහ 232 වන බලසේනා බලප්‍රදේශයේ සංචාරයක නිරත විය.

තොප්පිගල ප්‍රදේශයේ පිහිටි 232 වන බලසේනා මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම බලසේනාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළේය.

මෙම සංචාරය අතරතුරදී, ආරක්‍ෂක සේනා ආඥාපති බල‌සේනාවේ පරිපාලන, මෙහෙයුම් සහ සුභසාධන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය.

මෙම සංචාරය අතරතුරදී, 232 වන බලසේනාවේ සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ඇමතු ආරක්‍ෂක සේනා ආඥාපති යුද්ධ හමුදා සාමාජිකයින් විනය ඉතා ඉහල මට්ටමකින් පවත්වාගෙන රට වෙනුවෙන් සිය උපරිම සේවය ඉටුකිරිමේ වැදගත්කම අවධාරණය කළේය‍.

තවද, පරිපාලන කටයුතු, මෙහෙයුම් සහ සුභසාධන කටයුතු නිසි කළමනාකරණයකින් යුතුව පවත්වාගනිමින් නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ ඇති හැකියාව පිළිබඳව ද ඔවුන් දැනුවත් කළේය.

එමෙන්ම, රටතුල පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ සෞඛ්‍ය අංශ වෙතින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසි ආකාරව පිළිපදින ලෙසත් සීඝ්‍රයෙන් ඉහල යන රිය අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කරන ලෙසත් හෙතෙම භටපිරිස් දැනුවත් කළේය.

ඉන් අනතුරුව, මඩකලපුව ප්‍රදේශයේ ස්ථාපිත 231 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි ආඥාපති 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය. පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති 231 වන බලසේනාවේ, 4 වන ගැමුණු හේවා බලඇණියේ සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඇමතුවේය.

ආරක්‍ෂක සේනා ආඥාපති සමග මෙම සංචාරය සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලීන් කොස්වත්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්වූහ.