Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2021 17:50:44 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර මුලිකත්වයෙන් ඉදිකල නව නිවස ප්‍රතිලාභින්ට

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස තනාදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව මහඔය, තම්පිටිය ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය ගේ මුලිකත්වයෙන් එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 16 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් නව නිවස ඉදිකරන ලදී.

නව නිවස ඉදිකිරීම සඳහා අවශ මුල්‍යමය අනුග්‍රාහකත්වය ආරක්‍ෂක සේනා ආඥාපතිගේ ඉල්ලීමකට අනුව ඩි.එෆ්.එල්. කාගෝ ජාත්‍යන්තර පුද්ගලික සමාගම විසින් ලබාදෙන ලදී.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා සහ 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක විමලරත්න ගේ අධීක්‍ෂණය යටතේ 16 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.