Header

Sri Lanka Army

Defender of the Nation

03rd August 2021 19:00:18 Hours

නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 19 වන පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර සිකුරාදා (30) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මීට ප්‍රථම, එතුමන් 54 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ඉටු කළේය.

මෙම අවස්ථාවට පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ. පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් තිලක් හැංගිලිපොල යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර එම ධූරයට පත්විය.