Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 17:15:38 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ආගමික ස්ථාන වැඳපුදා ආශිර්වාද ලබාගනී

පසුගියදා 26 වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස රාජකාරි ආරම්භ කල මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉකුත් අඟහරුවාදා (27) දින ශ්‍රී නාග විහාරය වැඳපුදා ගනිමින් එහි විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ ශ්‍රී විමලදේවු හිමිපාණන් බැහැදුටුවේය.  

ඉන් අනතුරුව, යාපනයේ රදගුරු අති උතුම් ජස්ටින් බී. ඥාණප්‍රගාශම් පියතුමන් හමුවු ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු එහිදි ආශීර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්වූහ.