Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 19:00:38 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් වැලිඔය ප්‍රදේශයේ විහාරස්ථාන වෙත වියළි සලාක පූජා කෙරේ

621 වන බලසේනාව යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සඳුදා (19) දින වැලිඔය පිහිටි එම බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත විහාරස්ථාන 10 ක් වෙත වියළි සලාක පාර්සල් පූජා කරන ලදී.

කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ අනුග්‍රාහකත්වය ඇතිව රුපියල් 5,500.00 ක වටිනාකමින් යුත් වියළි සලාක පාර්සල් 10 ක් මෙලෙස පූජා කරන ලදී.

62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකරගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන 621 වන බලසේනාවේ භටපිරිස්විසින් සංවිධානය කරන ලදී.  

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පැවැති මෙම වැඩසටහන සඳහා 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති පැරකුම්, සිවිල් සම්බන්ධීකරණ නිලධාරින්, 14 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.