Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 17:00:38 Hours

මාදුරුඔය පැවති විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව සාර්ථකව නිමාවෙයි

නිලධාරින් 7 දෙනෙක් සහ සෙසුනිලයින් 174 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාවේ විසිරයාමේ උත්සවය පසුගිය අඟහරුවාදා (22) දින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

මෙම විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් සමරසිරි සහභාගී වූවේය. එහිදී, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයන් වෙත සම්මාන පිරිනැමූ අතර එම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක විසින් සම්මාන ප්‍රදානය කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආරාධනා කරන ලදී.

එහිදී, දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ඒ.ජී.ඒ.ඒ. කුමාර විසින් හිමිකරගත් අතර හොඳම ශාරිරික යෝග්‍යතාවය හෙබි සෙබලාට හිමි සම්මානය 2 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එස්.සී. සූරියආරච්චි විසින් හිමිකරගත්තේය.  

පාඨමාලාවේ දක්‍ෂතම සෙබලා ලෙස 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එන්.පී රත්නායක සම්මාන හිමිකරගත්තේය.

මෙහිදී, පාඨමාලාවේ දක්‍ෂතම ඛණ්ඩය වශයෙන් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සම්මාන දිනාගන්නා ලදී. එමෙන්ම, දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය ගැමුණු හේවා බලඇණියේ ලුතිතන් ටී.බී. සෙනරත් විසින් හිමිකරගත්තේය.  

මෙම විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව පුහුණු ක්ෂේත්‍රයන් කිහිපයක් යටතේ පැවති අතර සංඥා, ඉංජිනේරු, වෛද්‍ය බලකා, ශ්‍රී ලංකා ගුවන් හමුදා, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල සහ කාලතුවක්කු පුහුණු පාසල වෙතින් මෙම පුහුණු පාඨමාලාවේ පුහුණු අදියරයන් පැවැත්විණි. මෙම විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාවේ වැදගත්ම අදියරක් වන යුද උපක්‍රම පිළිබඳ පුහුණුව මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී ලබාදෙන ලදී.