Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2021 18:00:38 Hours

11 වන සේනාංකයේ මුලිකත්වයෙන් වියළි සලාක පාර්සල් 300 ක් බෙදාදෙයි

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් මහනුවර, පල්ලේකැලේ ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් 300 ක් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පැවැත්විණි.

11 වන සේනාංකයේ ඉල්ලීමකට අනුව ඉංජිනේරු ඒ. බුලුමුල්ල මහතා, වෛද්‍ය මනෝජා ජයවර්ධන සහ ඔවුන්ගේ විදේශීය මිතුරන් පිරිසක් විසින් මේ සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් අතර සහල්, පරිප්පු, කුළුබඩු, ධාන්‍ය වර්ග, කරවල, කිරිපිටි ආදියෙන් සමන්විත වියළි සලාක පාර්සල් මෙලෙස බෙදාදුන්හ.  

ඒ අනුව, පල්ලේකැලේ රුහුණු සවිගම ප්‍රජා ශාලාවේදී වියළි සලාක පාර්සල් 100 ක්, යක්ගහපිටිය, දෙගල්දොරුව රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී වියළි සලාක පාර්සල් 110 ක් සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී වියළි සලාක පාර්සල් 90 ක් වශයෙන් බෙදාදෙනු ලැබීය.  

මෙම වියළි සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාවන්ට 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, 11 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිනන් කර්නල් ආර්.බී.සී.යු.කේ. රත්නමලල සහ තවත් පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.