Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 17:15:42 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සිය බලප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය සඳුදා (19) දින නුවරඑළියේ පිහිටි 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මෙන්ම ඉදිකරමින් පවතින නුවරඑළිය සහ හාවාඑළියේ පිහිටි යුද්ධ හමුදා සුභසාධන නිවාඩු නිකේතනවල සංචාරයක නිරත වූවේය.  

3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම එම ඒකකයේ අණදෙන නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය.  

එම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් විකුම් ලියනගේ 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් තැබුවේය.  

ඉන් අනතුරුව, හෙතෙම නුවරඑළිය සහ හාවාඑළිය ප්‍රදේශවල ඉදිවෙමින් පවතින යුද්ධ හමුදා නිවාඩු නිකේතනවල සංචාරය කළේය.  

මෙම සංචාරයේදී, මේජර් ජෙනරල් විකුම් ලියනගේ භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සියලු නිලයන්ගේ විනය ඉහළ මට්ටමකින් පවත්වාගැනීමේ වැදගත්කම සහ රාජකාරි ඉටුකිරීමේදී මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.  

මෙම සංචාරය සඳහා මේජර් ජෙනරල් විකුම් ලියනගේ සමඟ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.