Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2021 06:00:42 Hours

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයකට පනවා තිබු හුදකලාභාවය ඉවත් කරයි

අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,665 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,653 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 293 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 273 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 268 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 819 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (27) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 298,180 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 188,722 වේ.

අද (27) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1405 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (27) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 67 ක් තුළ පුද්ගලයින් 3,591 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (27) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 17 ක් තුළින් පුද්ගලයින් 771 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුලි මස (25) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 18 ක් සහ පිරිමි මරණ 30 ක් ඇතුලුව මරණ 48 ක් වාර්තා වී ඇත.

අද (27) දින උදෑසන සිට කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ කැකුලන්දල දකුණ ග්‍රාම නිලධාරි වසමේ පිඹුර කොටස, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බලප්‍රදේශයේ පොතුවිල් 13 කොටස සහ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ තුන්බෝවිල උතුර ග්‍රාම නිලධාරි වසමේ කරදියාන වත්තගම හුදකලාභාවයෙන් ඉවත් කර ඇත.