Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 16:00:42 Hours

යුද්ධ හමුදා භටපිරිස් සෙල්ල කතරගම ප්‍රදේශයේ ගංගා ඉවුරු පිරිසිදු කරති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කතරගම ඇසළ උත්සවයේ සාම්ප්‍රදායික දිය කැපීමේ උත්සවය ආරම්භ වීමට පෙර සෙල්ල කතරගම ප්‍රදේශයේ මැණික් ගඟේ ගං ඉවුර පිරිසිදු කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (22) දින ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සහ 121 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් සහ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.