Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 17:30:42 Hours

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් ප්‍රජාව දැනුවත් කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංක බලප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිවිල් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021 ජුලි මස 20 දින පවත්වන ලදී. 

12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්වල සහයෝගය ඇතිව දියත් කරනු ලැබූ මෙම වැඩසටහන කේප්පපිලව් පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මේ අතර, කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිවිල් වැසියන් දැනුවත් කිරීම සදහා 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සංවිධානය කළ තවත් වැඩසටහනක් අලම්පිල් දකුණ ගෝවිජන සේවා මධ්‍යස්ථානයේ පැවැත්වීය.  

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ උපදෙස් මත සංවිධානය කරන ලදී. එමෙන්ම, 59 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණයෙන් එම සේනාංකය යටතේ ඇති ඒකකවල අණදෙන නිලධාරින් විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළහ.