Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 17:45:42 Hours

පාබල පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

මින්නේරියේ පිහිටි පාබල පුහුණු මධ්‍යස්ථානයේ 41 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් චන්දන රණවීර පසුගිය අඟහරුවාදා (21) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.  

එම පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායක පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි කර්නල් සාලිය ඩයස් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් බ්‍රිගේඩියර් චන්දන රණවීර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, හෙතෙම සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාවිධායක කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.  

ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් චන්දන රණවීර භටපිරිස් ආමන්ත්‍රණය කළ අතර මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවත්විණි. මෙම අවස්ථාවට නිලධාරින්, සෙසුනිලයින් සහ පාබල පුහුණු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.