Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 10:00:42 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බදාදා (21) දින දියතලාවේ පිහිටි 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහ 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සංචාරයක නිරතවිය.

එම ඒකක මුලස්ථාන වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති, අණදෙන නිලධාරින් විසින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීය.

පසුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල මේජර් ජෙනරල් විකුම් ලියනගේ භටපිරිස් ඇමතීමෙන් අනතුරුව සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති භටපිරිස් අමතමින් විනය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් සිය රාජකාරී අඛණ්ඩව ඉටුකිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.

මෙම සංචාරය අවසානයේ මේජර් ජෙනරල් විකුම් ලියනගේ එම ඒකකවල විශේෂ අමුත්තන් සඳහා වු පොත්වලද සමරු සටහන් තැබීය.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.