Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 15:00:42 Hours

රූපසිංහ සහෝදරයෝ යුද්ධ හමුදා රෝහලට Ambu Scope යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිදුකරනු ලබන සේවය අගය කරමින් එක්සත් රාජධානියේ නෝත්වුඩ් ප්‍රදේශයේ පදිංචි රූපසිංහ සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ ඥාතීන් එක්ව රුපියල් 790,000.00 ක වටිනාකමින් යුත් Ambu Scope යන්ත්‍රයක් කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර දැඩි සත්කාර ඒකකය වෙත 2021 ජූලි මස 22 දින පරිත්‍යාග කරන ලදී.  

සුනේත්‍රා රූපසිංහ මහත්මිය විසින් මෙම යන්ත්‍රය කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ වෙත ප්‍රදානය කළේය.  

මෙම පරිත්‍යාග වැඩසටහන කොළඹ යුද්ධ හමුදා රෝහලේ විකිරණවේදී විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් දිල්රුක්‍ෂි මුණසිංහ විසින් සංවිධානය කරන ලදී.  

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත ප්‍රනාන්දු, කොළඹ යුද්ධ හමුදා රෝහලේ නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරා, යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ කර්නල් චම්පික අත්තනායක සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කර්නල් චම්පික අබේසිංහ සහභාගි වූහ.