Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 11:00:42 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු 2021 ජුලි මස 22 වන දින ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ ඒ යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන ඒකකවල සංචාරයක නිරත විය.

ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති විසින් පිළිගත්තේය. පසුව, එමසංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉදිරි නඩත්තු පෙදෙස් පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.

ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන ඒකකවල සියලුම අණදෙන නිලධාරීන් සමඟ සමුහ ඡායාරූපයකට පෙනීසිටි ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනයභටපිරිස් ඇමතීමෙන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

ඉන් අනතුරුව, ආඥාපති 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සහ 4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරය කරන ලදී. එම සංචාරයන් සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරීන් සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ සේවයේ නියුතු භටපිරිස් සහභාගි වූහ.