Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2021 07:30:13 Hours

3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් උණවටුන වෙරළ තීරය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් පසුගිය සිකුරාදා (22) දින ගාල්ල, උණවටුන වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ ලබාදුන් උපදෙස් මත 613 වන බලසේනාවේ බලසේනාධිපති සහ 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.