Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 17:00:42 Hours

223 වන බලසේනාවේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනකට එක්වෙයි

223 වන බලසේනාවේ සහ 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (20) දින ත්‍රිකුණාමලය රෝහලේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කළහ.

ත්‍රිකුණාමල ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ රුධිර පාරවිලන වෛද්‍ය එම්.බී. උදේනි මහත්මිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව පාන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේදී මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන පැවැත්විණි.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ සහ 223 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සනත් පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.