Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2021 09:00:42 Hours

121 වන බලසේනාවේ භටපිරිස් ශ්‍රමදාන වැඩසටහනකට එක්වෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (22) දින බුත්තල පූරාණ කටුගහගලගේ විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.

මෙම වැඩසටහන 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවකලබාදුන් උපදෙස් මත 121 වන බලසේනාවේ බලසේනාධිපති සහ 18 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.