Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2021 07:00:13 Hours

යාපනයේ නව ආඥාපති ආගමික ස්ථාන වැඳපුදා ආශිර්වාද ලබාගනී

පසුගියදා රාජකාරි ආරම්භ කළ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ ඉකුත් බදාදා (21) දින ශ්‍රී නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය සහ යාපනය නල්ලූර් කෝවිල වැඳපුදා ආශිර්වාද ලබාගත්හ.

පසුව, මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු එදිනම (21) යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා හමුවූයේය.  

එහිදී, කොවිඩ් - 19 වෛරසය පැතිරීම පාලන කටයුතු, සිවිල් හා යුද්ධ හමුදා සහයෝගිතා ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ යාපනය අර්ධද්වීපයේ සහජීවනය පිළිබඳ සාකච්ඡා කරන ලදී. මෙම සාකච්ඡාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සහ 512 වන බලසේනාවේ බලසේනාධිපති ද සහභාගී වූහ.