Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 19:45:46 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

අභිනවයෙන් රාජකාරි ආරම්භ කළ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පසුගිය දා කෑගල්ල ප්‍රදේශයේ ස්ථාපිත 611 වන බලසේනාවේ සංචාරයක නිරත වෙමින් එම බලසේනාවේ භටපිරිස් ඇමතුවේය.

611 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජානක උඩෝවිට සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර උණුසුම් අයුරින් පිළිගත්තේය.

ඉන් අනතුරුව, 611 වන බලසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 8 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරින් විසින් සිය බලප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතු හා සබැඳි සැලසුම්, කොවිඩ් - 19 වෛරසය පාලනය කටයුතු වැනි කරුණු පිළිබඳ මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා දැනුවත් කළහ. පසුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ හෙතෙම එම බලසේනාවේ සෙසුනිලයින් ඇමතුවේය.

මෙම සංචාරයේදී, මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා කෑගල්ල ශික්‍ෂණ රෝහලේ ස්ථාපිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය, තාක්‍ෂණ ආයතනයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය සහ රඹුක්කන බ්‍රැන්ඩික්ස් ආයතනයේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සංචාරය කළ අතර එම මධ්‍යස්ථානවල සේවයේ නියුතු නිලධාරින් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.

පසුව, සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා, මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් විජයානි රත්නසේකර මහත්මිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කුමා වික්‍රමසිංහ, කෑගල්ල ප්‍රාදේශිය අධ්‍යාපන අධ්‍යක්‍ෂ සහ කෑගල්ල ශික්‍ෂණ රෝහල් අධ්‍යක්‍ෂ ඇතුළු රාජ්‍ය බලධාරින් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවේය.

එම සාකච්ඡාවෙන් අනතුරුව, මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේය.

මෙම සංචාරයන් සඳහා 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.