Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 19:35:46 Hours

යුද්ධ හමුදා භටපිරිස් කිරින්ද ප්‍රදේශයේ ප්‍රජාසත්කාරක වැඩසටහනක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකය යටතේ ඇති 122 වන බලසේනාව යටතේ පාලනය වන 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කිරින්ද රජමහා විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදානමය පිංකමක් ජූලි මස 15 දින සිට 22 දින දක්වා සිදුකරන ලදී.

තවද, යුද්ධ හමුදා භටපිරිස් මෙම වැඩසටහන අතරතුර කිරින්ද වෙරළ තීරය සහ විහාරස්ථාන පරිශ්‍රයට යාබද වෙරළ තීරය පිරිසිදු කළහ.

මෙම වැඩසටහන, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සහ 122 වන බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම මත 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.