Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 20:18:20 Hours

22 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ 27 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ පසුගිය සඳුදා (19) දින රාජකාරි ආරම්භ කළේය.

ආගමික වතාවත් මධ්‍යයේ නව සේනාංකාධිපති නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සංකේතවත් කළේය.

මෙම අවස්ථාව සඳහා 22 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් සමන්ත සිල්වා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ මෙම ධූරයේ රාජකාරි භාරගත්තේය.